" ගන්නා හුස්ම පොද සිට අප සියල්ලන්ගේම ජීවනාලිය සරි කරනු ලබන සොබාදම් මවගේ අති සුන්දරම නිමැයුමක් වු මුලටියෙන රක්ෂිතය හා කොස්ගහදොල ඇල්ල අප වර්ගයා වෙනුවෙන් මතු පරපුරටත් සුරක්ෂිත කිරිමේ අති කාලෝචිත සත්ක්‍රියාව ලෙස අභිමානවත් "වයිස් සමාජීය" වයිස් සොයුරන් " වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අඩවි වන නිලධාරීන් " මාර්ග සංවර්ධන අධිකාරිය පාසල් පරිසර නියෙමු භට කණ්ඩායම් හා එක්ව නැවතත් කුණු කසලින් අපවිත්‍ර නොකරන ලෙස 2019.09.16 සඳුදා දින පුරා සම්පූර්ණ පිරිසිඳු කිරීමේ මෙහෙවරක යෙදුනේ ප්‍රදේශවාසීන් හා මුළු රටටම පූර්වාදර්ශයක් තබමිනි.......
Tuesday, September 17, 2019
Monday, September 16, 2019
මුලටියන වන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහන-
බෙන්ගමුව #wise_සමාජය'' විසින් සංවිධානය කරන ලද මුලටියන වන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහන 2019.09.16 වන දින පවත්වන ලදී.
වයිස් සමාජයේ සාමාජිකයන්ට අමතරව මේ සඳහා අවට පාසල් කිහිපයක පරිසර නියමු භට සිසුන් පනහකට ආසන්න ප්‍රමාණයක් ද සහභාගිවූ අතර ඔවුන් වෙත වනාන්තර රැක ගැනීමේ වටිනාකම පිළිබඳ දැනුවත් කිරීමක් සහ දිනය අවසානයේ වටිනා සහතිකයක් ද පිරිනමන ලදී.
මුලටියන කොටපොල මාර්ගය දෙපස සහ කොස්ගහ දොළ දිය ඇල්ල අවට වන රක්ෂිතය තුල මෑත කාලීනව කැලි කසල බැහැර කිරීමේ ප්‍රවනතාවයක් තිබුනු අතර දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් විසින් බැහැර කරන කසල මෙන්ම මාර්ගය භාවිතා කරන අය විසින් කාලාන්තරයක් තිස්සේ දමා තිබූ විවිධ වර්ගයේ කසල අතිමහත් ප්‍රමාණයක් මෙහිදී මෙම පරිසරයෙන් ඉවත් කරන ලදී.
දෙනියාය මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව විල්පිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මුලටියන ප්‍රාදේශීය සභාවේද සහය ඇතිව මෙම වටිනා කර්තව්‍ය සිදුකරන ලදී.
මෙයට අමතරව මෙම වටිනා ස්ථානය රැකගැනීමේ වැදගත්කම මහජනතාවට අවබෝධ වනු පිණිස ස්ටිකරයක් බෙදාහැරීම සහ ඒ හා සම්බන්ධ පුවරු කිහිපයක් සවිකිරීමද සිදු කරනලදී.

(විශේෂ ස්තුතිය : මොරවක කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමිය, බෙන්ගමුව, රොටුඹ සහ මාවරල විද්‍යාලයන්හි විදුහල්පති වරුන්ට)
#Zonal_Education_Office,_Morawaka
#Forest_Department-Sri_Lanka
#Bengamuwa_secondary_school
#කොස්ගහදොල_ඇල්ල
#Forest_Department-Sri_Lanka
#Bengamuwa_secondary_school
#කොස්ගහදොල_ඇල්ල
Subscribe to:
Comments (Atom)
මුලටියන රක්ෂිතය හා කොස්ගහදොල ඇල්ල අප වර්ගයා වෙනුවෙන් මතු පරපුරටත් සුරක්ෂිත කිරිමේ අති කාලෝචිත සත්ක්‍රියාව
" ගන්නා හුස්ම පොද සිට අප සියල්ලන්ගේම ජීවනාලිය සරි කරනු ලබන සොබාදම් මවගේ අති සුන්දරම නිමැයුමක් වු මුලටියෙන රක්ෂිතය හා කොස්ගහදොල ඇල්ල...
-
" ගන්නා හුස්ම පොද සිට අප සියල්ලන්ගේම ජීවනාලිය සරි කරනු ලබන සොබාදම් මවගේ අති සුන්දරම නිමැයුමක් වු මුලටියෙන රක්ෂිතය හා කොස්ගහදොල ඇල්ල...
-
අප වයිස් සමාජීය සොයුරන් ඒ ථූපාරාම චෛත්‍ය රාජයානන් වහන්සේ ඉදිරි පස සම්පූර්ණ භූමිය අඩියක් පමණ පස ඉවත් කර බොරළු අතුරා එ් මත වැලි පුරවා එෛතිහාස...